Choose the page language

ප්රදීප් හේවාවිතාරණ ආබාධ සහිත අය වෙනුවෙන් පෙනී සිටිනවාඔහු රෝද පුටුවක් ආධාරයෙන් කටයුතු කරන්නෙක්ඔහු තම ප්රදේශයේ  ආබාධ සහිත අය සඳහා ඇති පහසුකම් සහ ඔවුන් නියෝජනය කිරීම සඳහා තම ප්රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ ආකාරය මෙම කතාවේදී පැහැදිලි කරනවාඑමෙන්ම ආබාධ සහිත සහ ආබාධිත නොවන ප්රජාවන් සඳහා විනෝදාත්මකසහ රෝද පුටුවලින් ප්රවේශ විය හැකි පහසුකම් මෙන්ම තොරතුරු සහ රැකියා අවස්ථා සඳහා ප්රවේශය ලබා දෙන වැඩසටහන් පුළුල් කිරීමට   ප්රදීප් බලාපොරොත්තු වෙනවා.

About the storyteller

ප්රදීප් හේවාවිතාරණ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන අතර ආබාධිත ඉලක්ක කරගත් සංවිධාන කිහිපයක තනතුරු රැසක් දරයිඔහු එළිමහනට ගොස් යාත්රා කිරීමටපැරා ගොල්ෆ් සහ රෝද පුටු බැඩ්මින්ටන් ක්රීඩා කිරීමට ප්රිය කරයි.

Transcript Available

Charitha: ආයුබෝවන්! ආබාධිත නමුත් සතුටින් දිවි ගෙවන විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයන් පිළිබඳව කතා කරන, Speak My Language වැඩසටහනට ඔබව පිළිගන්නවා. මම Ethnic Communities Council of Victoria ආයතනයේ චරිත දිසානායක. අපගේ සාකච්ඡාවලදී විවිධ සංස්කෘතීන්ට අයත් ආබාධිත පුද්ගලයන් ඔවුන් කොතනක දිවි ගෙව්වත් සතුටින් ජීවත්වීමට තමන්ගේ හැකියාවන් සහ ප්‍රජාවේ ඇති සම්පත් යොදා යොදාගන්නා ආකාරය සාකච්ඡා කරනවා. ඒවාට සත්‍ය තොරතුරු, ආබාධිත පුද්ගලයන්ගේ අදහස් සහ ඉඟි ආබාධිත පුද්ගලයන්ට ඇති අවස්ථා ක්‍රියාකාරකම් සහ ඇතුළු විය හැකි ස්ථාන පිළිබඳව තොරතුරු ඇතුලත්. අද අපේ ආරාධිතයා ප්‍රදීප් හේවාවිතාරන. ප්‍රදීප් රෝද පුටුවක ආධාරයෙන් කටයුතු කරන ආබාධ සහිත අයෙක්. නමුත් ඔහු පසු ගිය කවුන්සිල් මැතිවරණයට ඉදිරිපත් උනා. ඔහුගේ සීමාවන් පසෙකලා තමයි ඔහු මැතිවරණයට ඉදිරිපත් උනේ. ඔහුගේ අරමුණ උනේ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් හඬක් නැඟීමයි. ආබාධ සහිත පුද්ගලයන්ට ඔබ ආදර්ශමත් චරිතයක්. පසුගිය කාලයේ ජීවිතයේ ඔබ ලැබූ ජයග්‍රහණ ආබාධිතයෙක් ලෙස සිටිමින්ම ඔබ සාමාන්‍ය ජීවිතයේ ලැබූ ජයග්‍රහණ ගැන පිළිබඳව අපට සඳහන් කරන්න පුළුවන්ද?

Pradeep: මම දැනට අවුරුදු 20කට වඩා ආබාධිතව වීල් චෙයාර් එකක ඉන්නේ. මම දැනට අවුරුදු 14ක් පමණ වික්ටෝරියා තුළ, කියන්නේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ ආබාධිතයන් සඳහා ස්වේච්ජාවෙන් වැඩ කරනවා. ස්වේච්ජා සංවිධාන 4 විතර ඉන්නවා. හින්දා මම එහෙම, කියන්නේ ආබාධිතයන් වගේ, මම වගේ කට්ටියත් එක්ක ඉන්න හින්දා මට සාමාන්‍ය කෙනෙක්ට වඩා තියෙන ස්පෝට්ස් තියෙන්නේ මොනවද, කියන්නේ ආබාධිත අයට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් තියෙන සෑම දෙයක්ම මට අයගෙන් ආරංචි වෙනවා. අනුව මම හැම එකකටම ඉදිරිපත් වෙනවා. මම විශේෂයෙන්ම ඉදිරිපත් වීමක් කරලා තිබෙනවා. දෙපාරක් සිටි කවුන්සිල් එකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඊළඟට මම වික්ටෝරියානු ප්‍රාන්තය තුළ වීල් චෙයා බැට්මින්ටන් ක්‍රීඩාව කරනවා. ඒකෙන් මම 2018 ඕස්ට්‍රේලියාව ඇතුළේ තිබුණා වීල් චෙයා බැටමින්ටන් ගහහ්න අයගේ අන්තර්ජාතික ක්‍රීඩා මාලාවක් තිබුණා. ඒකට මම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරඟ කිරීමට මට අවස්ථාවක් හම්බුණා. අතරේ මම වික්ටෝරියානු ප්‍රාන්තය තුළ කිහිප වතාවක්ම කේවල සහ යුගළ බැට්මින්ටන් ක්‍රීඩාවේ ජයග්‍රහණ කිහිපයක් අරගෙන තියෙනවා. අතර 2016 වික්ටෝරියානු ප්‍රාන්තයේ ආබාධිතයන් සඳහා දුන්නා මේ ස්වේච්ජා සංවිධාන වළින් ස්වේච්ජාවෙන් වැඩ කරන කණ්ඩායමට හම්බෙච්ච අවෝඩ් එකක් හම්බෙලා තියෙනවා මට. එච්චර තමා මට කියන්න තියෙන්නේ.

Charitha: හොඳයි! ඔබ බොහෝ දේ සාක්ශාත් කරගෙන තිබෙනවා. ඔබේ තිබෙන ආබාධිත බව පැත්තකට දාලා ඔබේ අරමුණු වෙනුවෙන් ඔබ ගිහිල්ලා තිබෙනවා. ඔබ එය කිසි විටෙකත් බාධාවක් කරගෙන නැති බවයි අපිට පේන්නේ. ඔබේ අරමුණු සාක්ශාත් කර ගැනීමට හැකි උනේ කොහොමද? මේ වගේ මේ විශාල ජයග්‍රහණ ලබා ගන්නට ඔබට හැකි උනේ කොහොමද?

Pradeep: ඒකට එකම රහස තමයි මගේ ඉදිරිපත් වීම. මගේ ආබාධිතත්වය ගැන එච්චර හිතන්න යන්නෑ. මම ඇත්තම කිව්වොත් මම ඊයේ වෙච්ච දේ ගැන ආයේ හිතන්නෑ. මම ඇත්තටම අද දවස සහ හෙට ගැන හිතන්නේ. අනුව මම කරන්නේ ඕස්ට්‍රේලියාව තුළ ආබාධිතයන්ට තියෙන හැම පහසුකමක්ම හැම කියන්නේ ක්‍රීඩා පහසුකම් ඊළඟට කෑම්පින් ඊළඟට හැම ස්නෝකලින් කරන එක, මුහුදේ පීනන්න යන එක හැම තියෙන අවස්ථාවකටම මං ඉදිරිපත් වෙනවා. අතරම මම දැනට ස්වේච්ජාවෙන් අවුරුදු 14ක් පමණඉයර් සපෝට්කියලා ඒකට කියන්නේ. කියන්නේ ආබාධිත මම වගේ සුසුම්නා ආබාධිත වෙච්ච කට්ටියට අපි ගිහිල්ලා උපදේශන තියනවා. වගේම එයාලව දිරිමත් කරනවා. වෙනුවෙන් මම අයට කියන්න ඉස්සෙල්ලා මම දේවල් කරලා තියෙන්න ඕන. හින්දා මම සාමන්‍යයෙන් හැම කියන්නේ ක්‍රීඩාවක්ම කරනවා. විශේෂයෙන්ම බැට්මින්ටන් ගහන එක, ඊළඟට කෑම්පින් යන එක, පිහිනුම් කරන එක, ඊළඟට ස්නෝකලින් කරන එක එන්න වගේ මම හැම සෑම ක්‍රීඩාවකටම, සෑම විනෝදාංශයක්ම කරනවා. විශේෂ එක හේතුවක් තමයි, වගේ මම මේ උපදේශන කරන කට්ටියට මම කරපු දේ ගැන මං අයට කියන්න පුළුවන්. එන්න ඒක හින්දා තමයි මම එහෙම හින්දා මම හැමදේකටම ඉදිරිපත් වෙන හින්දා තමයි මට මගේ මේ අරමුණු වලට යෑමට....

Charitha: ඉදිරිපත් වීම පිළිබඳව ඔබ සඳහන් කළා. ඔබ පසුගිය කාලයේදී කවුන්සිල් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළා. ඔබ ඉදිරිපත් උනා. කවුන්සිල් මැතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ ඇයි?

Pradeep: ඇත්තටම ඒක කරේ, එකක් තමයි ආබාධිත අයට පෙන්නන්න ඕන මට අපි වගේ අයටත් මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට ඊළඟ හේතුව තමයි ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මට සිටි කවුන්සිල් එක ඇතුළට ගිහිල්ලා එන්න වෙනුවෙන් හඬක් නඟන්න පුළුවන්.

Charitha: මැතිවරණයකට ඉදිරිපත් වෙනවා කියන්නේ ලොකු ක්‍රියාවලියක්. කවුන්සිල් මැතිවරණ ක්‍රියාවලියට ඔබ ප්‍රවේශ උනේ කොහොමද, සඳහා අවස්ථාවක් හදා ගත්තේ කොහොමද, සඳහා දැනුවත් උනේ කොහොමද,... මේ පිළිබඳව අපිට පැහැදිලි කරන්න පුළුවන්ද?

Pradeep: ඔව්. මේ රටේ ඕස්ට්‍රේලියානු සිටි කවුන්සිල් එකකට යන්න ස්වාධීනව අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්. සිටි කවුන්සිල් එකකට දේශපාලන පක්ෂෙකින් යන්න බැහැ. හින්දා අපි යන්න ඕන ස්වාධීනව. හින්දා මම හිතුවා මගේ යාළුවන්ගෙන් මෙන්න මේ වගේ දේකට යන්න පුළුවන් කියලා අය කියපු දේවල් මම අහගෙන හිටියා. ඊට පස්සේ මම ගැන ඉන්ටර්නෙට් එකෙන් හොයලා බැලුවා. කොහොමද ඉදිරිපත් වෙන්නේ.... ඊට පස්සේ මංම ඇත්තටම ඕස්ට්‍රේලියාව තුළ දේශපාලන පක්ෂෙක ඉන්නවා.ඉතින් ඒක ඇතුළේ ඉන්නකොට මට ඒකේ අය කිව්වා මෙහෙම ඔයාට ඕන නම් ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. හින්දා මම අයගෙන් අහගත්තා කොහොමද කරන්නේ, මැතිවරණයක් කරන විදිහ, එහෙම දේවල් වලට ඉදිරිපත් වෙන විදිහ අයගෙන් අහගෙන තමයි මම ඊට පස්සේ ස්වාධීනව ඉදිරිපත් උනේ.

Charitha: රෝද පුටුවක සිටින ආබාධිත පුද්ගලයන්ට සමහර මහල් නිවාස වලට ඇතුළු වෙන්න අමාරුයි. එහෙම නැත්නම් සඳහා පහසුකම් නෑ. ඔබ ඔබගේ මැතිවරණ ව්‍යාපාරයේදී ඡන්ද දායකයින් හා සමීප වීමට මේ තත්ත්වය බාධාවක් උනාද?

Pradeep: .... එහෙම කිසිම බාධාවක් උන් නැහැ. එකම හේතුව තමයි ඕස්ට්‍රේලියාව තුළ තියෙන සෑම මහල් නිවාසයකටම අපි වගේ ආබාධිත අයට ඇතුළ් වෙන්න හැම පහසුකමක්ම තියෙනවා. එහෙම කිසිම මට.... අනිත් එක මම ඉන්න ප්‍රදේශය ඇතුළත එහෙම විශාල මහල් නිවාස නැහැ.

Charitha: ඊළඟ කාරණය තමයි දැන් ඔබ කවුන්සිල් මැතිවරණයට ඉදිරිපත් උන අපේක්ෂකයෙක්. ආබාධිත සහිත පුද්ගලයන් කවුන්සිල් එකක් නියෝජනය කිරීම වැදගත් කියලා ඔබ හිතන්නේ ඇයි?

Pradeep: මම හිතනවා... කියන්නේ ආබාධිත අයට තේරෙනවා තියෙන... එයාට අත්‍යාවශ්‍ය මොනවද කියලා. සාමාන්‍ය කෙනෙක් ඒක ගැන හිතලනේ හිතන්නේ. මෙන්න මෙහෙම විය හැකියි කියලා. උනාට මට ඒක ප්‍රායෝගිකව කියන්න පුළුවන් මොකද මම ඒක ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේ අත්විදින දෙයක්. හින්දා මට දෙයක් ගිහිල්ලා කියන්න පුළුවන්. ඒකට මම එක්තරා උදාහරණයක් ගත්තොත් දැන් පාරේ තියෙන මොකක් හරි ප්‍රශ්නයක් කියන්නේ පාර දිගේ මම, ඕස්ට්‍රේලියාවේ ෆුට් පාත් එකක් වගේ එකක මම වීල් චෙයාර් එකේ යද්දි එක තැනක මොකක් හරි ප්‍රශ්නයක් හරී කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට ඒක තේරෙනවා මොකද කියන්නේ ප්‍රායෝගිකව මම පාරේ යන ගමන් ඒකේ තියෙන මොකක් හරි දෙයක්, ඒක ගැන කියන්න පුළුවන් මට. මෙන්න මෙතන මෙන්න මේ විදිහට තිබුනොත් හොඳයි කියලා. අන්න වගේ දෙයක් මට සිටි කවුන්සිල් එක ඇතුළට ගියපුවහම ඉස්සරලා මේ තියෙන ප්‍රදේශය කියන්න පුළුවන්, අපි වගේ අයට කොයි වගේ පහසුකම් තියෙන්න ඕනෙද, තියෙන පහසුකම් කොයි ආකාරෙට තියෙන්න ඕනද කියලා ඒක මට කියන්නේ ප්‍රායෝගිකව පෙන්නලා දෙන්න පුළුවන්. ඊළඟට ඉස්සරහට කරන්න තියෙන දේවල් ඩිසේබිලිටි අයට මේ කියන පෙදෙසින් මෙන්න මේ මේ මේ දේවල්, කියන්නේ පාර්ක් එකක හරි, පිහිනුම් තටාකයක හරි, ඉස්සරහට හදන දෙයක් හරි හෝල් එකක හරි ඕනෙම දෙයක මොකක් හරි දෙයක්, ඉස්සරහට ප්ලෑන් කරන කොට මට පුළුවන් සිටි කවුන්සිල් එක ඇතුළට ගියොත් ඉස්සරහට කරන දෙයක් ගැන, ඒක ගැන කියලා දෙන්න හරි ගැන... ගැන ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා මට. මම හිතනවා හින්දා තමයි මම විශේෂයෙන්ම සිටි කවුන්සිල් එකට යන්න මම ඒක තිරණය කළේ.

Charitha: තමන්ගේ ජිවිතයේ අරමුණු සාක්ශාත් කර ගැනීමට කැමති නමුත් ආබාධිතභාවය ඔවුන්ට බාධාවක් කියලා හිතන ආබාධිත සහිත පුද්ගලයන්ට ඔබ දෙන උපදෙස් මොනවද?

Pradeep: ... ආබාධිතත්වය ගැන හිතන්න යන්න එපා. මම දන්න විදිහට අපි ඔක්කොටම මොකක් හරි දෙයක් තියෙනවා. අර හැමෝමටම පේන්නැති ආබාධ තියෙනවා, කියන්නේ හුඟක් අයට තියෙනවා පේන ආබාධ තියෙනවා. විශේෂයෙන් මං වැනි පුද්ගලයෙක්ගේ තියෙන ආබාධ තත්ත්වය හැමෝටම පේනවා මොකද මම ඉන්නේ වීල් චෙයාර් එකක. හින්දා මට කියන්න තියෙන්නේ... ඔක්කොටම මට කියන්න තියෙන්නේ, තමන්ගේ තියෙන ආබාධිතත්වය ගැන හිතන්න එපා. එකම දේ, තියෙන හැම මොහොතකම අබාධිතයන් සඳහා තියෙන හැම තියෙන පහසුකමක්ම භුක්ති විදින්න කියලා. එකම පාර ඒක. හින්දා අපි තියෙන පාරේ යා යුතුයි. කියන්නේ වෙච්ච දේ ගැන, ඇයි මට මෙහෙම උනේ කියලා හිතුවා කියලා ඒකෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් අත් වෙන්නෑ. අපි ඒකෙන් වෙන්නේ තව ඉස්සරහට යන එක තව තව අඩු වෙනවා. රෝගී වෙන එක. එකම දේ තමයි තියෙන හැම දේකටම ඉදිරිපත් වෙලා ජීවිතය සන්තෝසෙන් ඉන්න.

Charitha: බොහොම ස්තූතියි ප්‍රදීප්. කවුන්සිල් මැතිවරණයක ඉදිරිපත් වීම ඉතාමත්ම අභියෝගාත්මක දෙයක් හැටියටයි අපි සලකන්නේ. නමුත් ආබාධිත පුද්ගලයෙකුට පවා සඳහා ඉදිරිපත් වීමට ඇති අවස්ථාව පිළිබඳව අපව දැනුවත් කිරීම පිළිබදව ඔබට අපි ස්තූතිවන්ත වෙනවා. නැවතත් අපට දැනුවත් කිරීමටත්, වගේම ඔබහේ අත්දැකීම් බෙදා හදා ගැනීමටත් අපත් සමඟ එකතු වූ ප්‍රදීප් හේවාවිතාරනටත් වගේම අපේ අසන්නන්ටත් බොහෝම ස්තූතියි. ඔබ මෙවන් තවත් සාකච්ඡා වලට සවන් දීමට කැමතිනම් speakmylanguage.com.au අපේ වෙබ් අඩවියට පිවිසෙන්න.කරුණාකර Speak My Language වැඩසටහන පිළිබඳව තවත් අය දැනුවත් කරන්න.ඕස්ට්‍රේලියාව පුරාත් ඉන් ඔබ්බට ගොස් ලෝකය පුරාත් මේ සංවාදය පතුරවා හැරීමට Facebook, Twitter, Instagram හෝ LinkedIn අප සමග සම්බන්ධ වෙන්න. වික්ටෝරියාවේ Speak My Language වැඩසටහන ඉදිරිපත් කරන්නේ Ethnic Communities Council of Victoria ආයතනයයි. Speak My language වැඩසටහනට මුල්‍යදායකත්වය Department of Social Services. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියාව පුරා බෙදා හරින්නේ Ethnic and Multicultural Communities’ Council සහ Multicultural Councils දායකත්වයෙනි. අපගේ ජාතික විකාශන සහකරුවෝ SBS සහ NEMBC.

Interview by
Charitha Dissanayake

චරිත දිසානායක ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුයේ 2003 දීයි. ඔහු රේඩියෝ සන්නිවේදකයෙකු ලෙස දේශීය ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉක්මනින් සම්බන්ධ විය. මාධ්‍ය ක්ෂේත්‍රයේ, විශේෂයෙන් රේඩියෝ වැඩසටහන් පිළිබඳ පසුබිමක්... Go to page where you can read more about Charitha Dissanayake