මුහුද, වැලි සහ හිරු සමඟ ගෙවන දවසක් අපේ ජීවිතය මුසපත් කරනවා! ලෝකයේ හොඳම වෙරළ කිහිපයක් ඕස්ට්‍රේලියාවේ පිහිට තිබෙනවා. ඒවායින් බොහොමයකට රෝද පුටු හෝ වෙනත් ආධාරක භාවිතා කරන ආබාධ සහිත පුද්ගලයන්ට පිවිසිය හැකියි. Altona Beach සහ St Kilda Beach මේ සඳහා කදිම උදාහරණයි.
ඔස්ට්‍රේලියාව වටා අපට විනෝද විය හැකි වෙරළ තීරයන් ගණනාවක් තිබෙනවා. ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ වෙරළක් සොයා ගැනීම සඳහා www.accessiblebeaches.com වෙබ් අඩවියට පිවිසෙන්න.
About the storyteller
About the storyteller
ප්‍රදීප් හේවාවිතාරණ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන අතර ආබාධිත ඉලක්ක කරගත් සංවිධාන කිහිපයක තනතුරු රැසක් දරයි. ඔහු එළිමහනට ගොස් යාත්‍රා කිරීමට, පැරා ගොල්ෆ් සහ රෝද පුටු බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරයි.
Transcript Available
Charitha: ආයුබෝවන්! ආබාධිත නමුත් සතුටින් දිවි ගෙවන විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයන් පිළිබඳව කතා කරන, Speak My Language වැඩසටහනට ඔබව පිළිගන්නවා. මම Ethnic Communities Council of Victoria ආයතනයේ චරිත දිසානායක. අපගේ සාකච්ඡාවලදී විවිධ සංස්කෘතීන්ට අයත් ආබාධිත පුද්ගලයන් ඔවුන් කොතනක දිවි ගෙව්වත් සතුටින් ජීවත්වීමට තමන්ගේ හැකියාවන් සහ ප්‍රජාවේ ඇති සම්පත් යොදා යොදාගන්නා ආකාරය සාකච්ඡා කරනවා. ඒවාට සත්‍ය තොරතුරු, ආබාධිත පුද්ගලයන්ගේ අදහස් සහ ඉඟි ආබාධිත පුද්ගලයන්ට ඇති අවස්ථා ක්‍රියාකාරකම් සහ ඇතුළු විය හැකි ස්ථාන පිළිබඳව තොරතුරු ඇතුලත්. ප්‍රදීප් හේවාවිතාරන අබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන අතර අබාධිතයන් ඉලක්ක කරගත් සංවිධාන කිහිපයක තනතුරු රැසක් දරනවා. ඔහු එළිමහනට ගොස් යාත්‍රා කිරීමට, පැරා ගොල්ෆ් සහ රෝද පුටු බැට්මින්ටන් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරනවා. මොහුද වැලි සහ හිරු සමඟ ගෙවන දවසක් අපේ ජීවිතය මුසපත් කරනවා. ලෝකයේ හොඳම වෙරළ කිහිපයක් ඕස්ට්‍රේලියාවේ පිහිටා තිබෙනවා. ඒවායින් බොහොමයකට රෝද පුටු හෝ වෙනත් ආධාරක භාවිතා කරන ආබාධ සහිත පුද්ගලයන්ට පිවිසීමට පුළුවන්. “ඇල්ටෝනා බිච්” සහ “සෙන්ට්කිල්ඩා බීච්” මේ සඳහා කදිම උදාහරණ. අද අපි ප්‍රදීප් සමඟ මෙවැනි වෙරළ කිහිපයක් පිළිබඳව කතා කරමු. ඔහු මෙල්බර්න් වල ආබාධ සහිත පුද්ගලයන්ට පිවිසිය හැකි වෙරළ තීර දෙකක් නැරඹීමේ අත්දැකීම් බෙදා ගන්නවා. අපි ප්‍රදීප්ව මේ වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. ඔබ ඇල්ටෝනා සහ සෙන්කිල්ඩා බීච් යන වෙරළ තීර දෙකටම ගොස් තිබෙනවා. ඒ අත්දැකීම් ඔබ විස්තර කරන්නේ කොහොමද?
ප්‍රදීප් හේවාවිතාරන: ඔව්. මම පළමුවෙන්ම ස්තූති කරනවා මට මේකට, මේ රේඩියෝ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. ඇත්තටම මේ මේක අපේ ශ්‍රී ලංකාවට වඩා මෙහෙ විශේෂ අත්දැකීමක් වෙනවා. අපි වගේ ආබාධිත අයට විශේෂයෙන්ම මම ඉන්නේ වීල් චෙයාර් එකක. ඒ හින්දා වීල් චෙයාර් එකෙන්ම බීච් එකට ගිහිල්ලා බීච් එකෙන් මහ මුහුදට යන්න පුළුවන්. ඇත්තටම ඒක සාමාන්‍යයෙන් හිතාගන්න අමාරු දෙයක් ඒ කියන්නේ කාගෙන්වත් උදව්වක් ඕන්නෑ. මට කෙළින්ම ඒ කියන්නෙ බීච් එක හරහා ගිහිල්ලා, ඒ කියන්නේ මුහුදු වෙරළ හරහා ගිහිල්ලා කෙළින්ම මුහුදට යන්න පුළුවන්. ඒ හින්දා මට මේ විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මම කැමති ඒකට ඒ කාගෙන්වත් මට උදව්වක් ඕන්නැතුව උවමනාවක් තියෙනව නම් යන්න පුළුවන්.
Charitha: මෙම වෙරළ තීර දෙකේම වික්ටෝරියාවේ ආබාධ සහිත පුද්ගලයන්ට පිවිසිය හැකි වෙරළ තීර ලෙස ප්‍රසිද්ධයි මේ වෙරළ තීර දෙකම. ආබාධ සහිත පුද්ගලයන්ට එහි විඳීමට පහසු වන ආකාරයට එක් කර ඇති විශේෂාංග මොනවාද?
Pradeep: ඇත්තටම මේ මේ කියන වෙරළ තීර දෙකේම තියෙන විශේෂාංගය තමයි අපිට ප්ලාස්ටික් වලින් හදපු කාපට් එකක් වගේ එකක්, එහෙම එකක් දාල තියෙනවා මහ මුහුදට යනකන්ම සාමන්‍යෙන් අපි යන, අපිට යන පාරේ ඉඳලම ඒ කියන්නේ වෙරල තීරය හරහා ඒ ප්ලාස්ටික් වලින් හදපු කාපට් එකක් වගේ එකක් දාලා තියෙනවා. ඒකෙන් අපිට කීසිම ප්‍රශ්නයක් වෙන්නෑ. අපේ තියෙන වීල් චෙයාර් එකක හරි සාමන්‍ය කෙනෙක්ට හරි කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ. ඒකෙන් බොහොම ඉක්මනින් මහ මුහුදට යන්න පුළුවන්. ඒ අතරම අපිට පුළුවන් මේ එහෙම යන්න අමාරු අයට ඒ කියන්නේ මොකක් හරි ඇවිදීමේ හරි මොකක් හරි, ඊට වඩා මොකක් හරි ආබාධිතත්වයක් තියෙනවා නම් ප්ලාස්ටික් රෝද හයි කරපු තියෙනවා චූටි, ඒක නිකන් චෙයාර් එකක් වගේ. ඒකට අපිට පුළුවන් මාරුවෙලා ඒකෙන් යන්න පුළුවන් අර කියන ප්ලාස්ටික් කාපට් එක උඩින් ගිහිල්ලා කෙලින්ම මහ මුහුදට යන්න පුළුවන් ඒකෙන්. එතන තියෙනවා නිකන් අ... ප්ලාස්ටික් වලින් හදපු ප්ලාස්ටික රෝද තියෙන රෝද පුටුවක් තියෙනවා. ඒ අතරම කියන්න පුළුවන් ඒ තියෙන මේ තියෙන තැන් දෙකේම ආබාධිත අයට, අපිට එතෙන්ට ඉස්සෙල්ලා ගිහිල්ලා අපේ ඇඳුම් -මාරු කරන්න, ඊට පස්සේ බාත් රූම් එකක් තියෙනවා යන්න එන්න පුළුවන්. අපිට ඊට පස්සේ විශේෂයෙන්ම ඒ කියන හැම පහසුකමක්ම එතන තියෙනවා.
Charitha: ඒ කියන්නේ වෙනත් වෙරළක තිබෙන පහසුකම්; වැසිකිළි පහසුකම්, ඇඳුම් මාරු කරන ස්ථාන වගේ ඒවා ආබාධිතයන් සඳහා සකස් කරලා තියෙනවා මේ ඇල්ටෝනා බීච් එකේත් සෙන්ටිකිල්ඩා බීච් එකේත්?
Pradeep: ඔව් තියෙනවා ඒවා.
Charitha: මේ වැඩසටහනට සවන් දෙන අය අතර කිහිලි කරු වලින් ඇවිදින්නෙකු, රෝද පුටුවක් හෝ අධාර භාවිතා කරන නමුත් කිසි දිනෙක වෙරළකට නොපැමිණි වැල්ලේ ඇවිදීමට හෝ ජලයට බැසීමට නොසන්සුන් විය හැකි කෙනෙක් ඉන්නට පුළුවන්. ඔබට ඔවුන්ට දිය හැකි උපදෙස් මොනවද? වෙරළකට ඔවුන්ගේ පළමු පැමිණීමේදී අපේක්ෂා කරන්න පුළුවන් මොන වගේ අත්දැකීමක්ද?
Pradeep: ඔව් ඇත්තටම මම කියන්නේ එහෙම එන්න ඉස්සරවෙලා ඔබේ කවුරුහරි දොස්තර කෙනෙක්ගෙන් එහෙම කෙනෙකුගෙන් මේ ගැන අහන්න ඉස්සෙල්ලා; මෙහෙම ගියාට කමක් නැද්ද, එහෙම ගියාම ඇත්තටම මෙහි තියෙන මුහුද ගොඩක් සීතලයි. ඒ හින්දා අපි කාගෙන් හරි විශේෂයෙන්ම දොස්තර කෙනෙක් ගෙන් අහන්න ඕන මේ වගේ සීතල තියෙන මුහුදකට බැස්සහම අපේ ඒ කියන්නේ ඇඟට ගොඩක් සීතල එනවා. ඒ හින්දා එහෙම කෙනෙක් ගෙන් අහන්න ඕන ඉස්සෙල්ලා “මම මෙහම අදහසක් තියෙනවා මම ගියාට ප්‍රශ්නයක් වෙන්නැද්ද” කියලා. එහෙම ඒ කියන්නේ මුහුදු වෙරළට විතරක් යනව නම් එහෙම අහන්න ඕන්නෑ. හැබැයි ඊටත් වඩා මේ විශේෂ්යෙන්ම ස්නෝකල් කරන්න පුළුවන්, ස්කුබා කරන්නත් පුළුවන්, එහෙම දේවල් තියෙන හින්දා කෝකටත් විශේෂඥ, ඒ පිළිබඳ වෛද්‍යවරයෙක් ගෙන් හරි අහන්න ඕන. මම කියන්නේ එහෙම අහලා එන්න කියලා.
Charitha: ඇල්ටෝනා සහ සෙන්කිල්ඩා බීච් යන වෙරළ තීර දෙකේම පිහිනුම් සහ ජීවිතාරක්ෂක සමාජයේ “මොබි පුටු, මොබි චෙයාර්” ; පාවෙන රෝද පුටු තියෙන බව මම දන්නවා. ඔබ මේ රෝද පුටු භාවිතා කරලා තියෙනවද?
Pradeep: ඔව් මම භාවිතා කරලා තියෙනවා ඇල්ටෝනා බීච් එකේ මොකද මේ ඇල්ටෝනා බීච් එකේ පුළුවන් අපිට මේ ස්නෝකල් කරන්න. ස්නෝකල් කරන කොට අපේ සාමාන්‍ය වීල් චෙයාර් එකකින් මම අර තියෙන කාපට් එකේ ගිහිල්ලා අනිතිමට මම එතන ඉදලා මේ කියන චෙයාර් එකකට, ඒ කියන්නේ ප්ලාස්ටික් රෝද තියෙන චෙයාර් එකක මාරු වෙලා තමයි මාව සාමන්‍යයෙන් ටික දුරක් මහ මුහුදේ ගෙනියන්නේ. ඒ හින්දා මම දන්නවා ඒ චෙයාර් එක ගැන.
Charitha: අ... ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම ග්‍රීෂ්ම ස්‍රිතුවේදී ඕනෑම වෙරළ තීරයක් කාර්‍ය් බහුල වෙන්න පුළුවන්. වෙරළ තීර දෙකේම වාහන නැවැත්වීමේ පහසුකම් කොහොමද, රථ ගාලට පිවිසීමට ඔබට පහසු උනාද ඔබ ගිය අවස්ථා වලදී?
Pradeep: ඔව් ඇත්තටම මෙහෙ සාමන්‍යයෙන් හැම ආබාධිත කෙනෙක්ටම තියෙනවා කාර් පර්මිට් එකක් තියෙනවා. ඒ හින්දා මෙහෙ තියෙන හැම තැනකම, ඒ කියන්නේ ඩිසේබල් කාර් පර්මිට් එක ගෙනිච්චොත් එහෙම තැන් තියෙනවා. ඒත් ඉතින් මම කියන්නේ එක්කෝ උදේම යන්න ඕන. එහෙම නැත්තම් ටිකක් ඈතින් හරි වාහනය පාර්ක් කරලා එයාලට පුළුවන් එන්න. ඇත්තටම හොඳයි මේ තියෙන හැම තැනකම තියෙනවා රථ ගාලවල්. අපිට පුළුවන් ඒවට බොහොම හොඳින් යන්න පුළුවන්.
Charitha: ඇල්ටෝනා බීච් සහ සෙන්කිල්ඩා බීච් යන වෙරළ තීර දෙකේම ආහාර ගැනීමට සහ මිළදී ගැනීමට යන්න පුළුවන් ස්ථාන තිබෙනවාද?
Pradeep: ඔව් තියෙනවා. මේ මේ තියෙන හැම තැනකම මෙහේ; ඕස්ට්‍රේලියාවේ අය සාමන්‍යයෙන් හැම වෙලේම බීච් එකට යනවා. හැමදාම හැමකෙනෙක්ම යනවා බීච් එකට. ඒ හින්දා එන්න ඒ තීරයේම තියෙනවා හැම ඒ කියන්නේ කෑම ගැනීමම්ට ස්ථාන, ඒ කියන්නේ හැම පහසුකමක්ම තියෙනවා.
Charitha: මීළඟ ප්‍රශ්නය ඇවිල්ලා තෝරාගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. ඇල්ටෝනා බීච් සහ සෙන්කිල්ඩා බීච් යන වෙරළ තීර දෙක අතරෙන් ඔබ සංචාරය කිරීමට කැමතිම වෙරළ තීරය කුමක්ද? දෙකෙන් එකක්. ඒ ඇයි?
Pradeep: මම ඇත්තටම ආසයි යන්න ඇල්ටෝනා බීච් එකට. විශේෂයෙන්ම එතන තියෙන එක තමයි කාර් පකින් හොඳයි. ඒ වගේම එතන අපිට පුළුවන් ස්නෝකල් කරන්න. ඒ හින්දා තමයි. අනිත් එක එතන තියෙන ඒ කියන්නේ මහ පාරේ ඉඳලා මහ මුහුදට බොහොම පොඩ්ඩයි තියෙනේ යන්න. ඒ වගේම එතන අර ඒ කියන්නේ සෙන්කිල්ඩා වල විතර ගොඩක් කට්ටිය නැහැ. ඒ හින්දා තමයි මම ඒකට කැමති. අනිත් එක මම එතන ස්නෝකල් කරන හින්දා මම එතෙන්ට යන්න තමයි විශේෂයෙන්ම මේ මේකක් තියෙන්නේ.
Charitha: අවසාන වශයෙන් ආබාධ සහිත පුද්ගලයන්ට පිවිසිය හැකි වෙරළ තීර තිබීම වැදගත් කියලා ඔබ හිතන්නේ ඇයි?
Pradeep: ඇත්තටම අපි ගෙයක් ඇතුළේ ඉන්නවට වඩා ඒ කියන්නේ පාර්ක් එකකට යනවා, ඒ වගේ තැන් වගේම ඕස්ට්‍රේලියාවේ සෑම පහසුකමක්ම ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු කරන, එයාලට තියෙන විනෝදාංශ වෙනුවෙන් තියෙන හැම පහසුකමක්ම ආබාධිත අයටත් ඒ විදිහටම ඒ වගේ තැන් වලට යන්න, විනෝද වෙන්න ආණ්ඩුවෙන් ඒ විදිහට පහසුකම් හදලා දීලා තියෙනවා. ඇත්තටම ඒක අපිට හිතන්න අමාරුයි, අපිට යන්න පුළුවන් ආපහු මහ මුහුදට යන්න බෑ මොකද අපි ඉන්නේ ඒ කියන්නේ වීල් චෙයාර් එකක වගේ හරි මොකක් හරි දෙයක් අපිට තියෙන හින්දා කියලා අපි ඉන්න ඕන්නෑ. අපිට මේ රටේ උවමනාව තියෙනව නම් ඕනම දෙයක් කරන්න පුළුවන්. ඕනම දේකට මේ රට ඒ විදිහට පහසුකම් සලසලා තියෙනවා. ඒ හින්දා මම කියන්නේ හැම කෙනාම යන්න කියලා. ඒ තියෙන පහසුකම් හැම දේම භුක්ති විඳින්න කියලා මම කියන්නේ.
Charitha: ප්‍රදීප් හේවාවිතාරන ආබාධිතයෙකු උනත් ඔහු ආබාධිතයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ගනණාවක කටයුතු කරනවා ඒ වගේම ඔහු ක්‍රීඩා කරනවා. ඔහු අපට ආඩම්බරයක්. අද ඔබේ කාලය අප වෙනුවෙන් වෙන් කිර්‍රිම සම්බන්ධයෙන් ඔබට ස්තූතිවන්ත වෙනවා. ඇල්ටෝනා බීච් හෝ සෙන්කිල්ඩා බීච් වෙරළ නැරඹීමට කැමති අය සඳහා මෙල්බර්න් නගරයේ සිට විනාඩි 20ක 30ක කාලයකින් යන්නය පුළුවන්. සෙන්කිල්ඩා වෙරල සඳහා ඔබට මෙල්වර්න් නගරයේ සිට ට්‍රෑම් රථ මගින් වෙරළට ගමන් කරන්නට පුළුවන්. වෙරල දෙකේම ආබාධ සහිත පුද්ගලයන්ට පිවිසිය හැකි නාන කාමර, වැසිකිලි සහ ඇඳුම් මාරු කිරීමේ කාමර තිබෙනවා. රෝද පුටු හෝ ආධාරක භාවිතා කරන අය සඳහා වැල්ලේ ගමන් කිරීමට සහ ජලයට බැසීමට මැටින් තිබෙනවා. ප්බට වෙරළේ ගමන් කළ හැකි රෝද පුටුවක් හෝ ඇවිදීමේ රාමුවක් කුලියට ගන්නට පුළුවන්. ඇල්ටෝනා වෙරළට යාමට වෙන් කර ගැනීම සඳහා, සඳුදා සිට සිකුරාදා දක්වා ප්‍රදේශයේ කවුන්සිල් එකේ “මෙට්‍රෝ ඇක්සස් ඇන්ඩ් ඉන්ක්ලූශන්” නිලධාරියාට 99321000 අංකයට කතා කරන්න. නැතිනම් socialplanningandhobsanbay.vic.gov.au වෙත ඊ මේල් කරන්න. සෙනසුරාදා සහ ඉරිදා දින වල ඇල්ටෝනා වෙරළට යාමට හෝ වෙන් කළැ හැකි වේලාවල් මොනවා දැයි දැන ගැනීමට ඇල්ටෝනා ජීවිතාරක්ෂක සමාජය, ඇල්ටෝනා ලයිෆ් සේවිං ක්ලබ් අමතන්න. ඔවුන්ගේ ලිපිනය; 127, ස්පලනයිට් ස්ට්‍රීට්, ඇල්ටෝනා. නැත්නම් 0438939880 අමතන්න. admin@altonalsc.com.au වෙත ඊ මේල් කරන්න. සෙන්කිල්ඩා වෙරළ පිළිබඳව තොරතුරු දැන ගැනීමට stkilda.accessibleveetches.com.au වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0392096777 ඇමතීමෙන් සති අන්තයේ භාවිතා කිරීමට රෝද පුටුවක් වෙන් කරවා ගන්නට පුළුවන්. ඕස්ට්‍රේලියාව වටා ආබාධ සහිත පුද්ගලයන්ට පිවිසිය හැකි වෙරළ තීර කිහිපයක්ම තිබෙනවා. ඔබ අවට ඇති එවැනි වෙරළ තීරයක් සොයා ගැනීමට accessibleveetches.com/ වෙත පිවිසෙන්න. ඔබ මෙවන් තවත් සාකච්ඡා වලට සවන් දීමට කැමතිනම් speakmylanguage.com.au අපේ වෙබ් අඩවියට පිවිසෙන්න.කරුණාකර Speak My Language වැඩසටහන පිළිබඳව තවත් අය දැනුවත් කරන්න.ඕස්ට්‍රේලියාව පුරාත් ඉන් ඔබ්බට ගොස් ලෝකය පුරාත් මේ සංවාදය පතුරවා හැරීමට Facebook, Twitter, Instagram හෝ LinkedIn අප සමග සම්බන්ධ වෙන්න. වික්ටෝරියාවේ Speak My Language වැඩසටහන ඉදිරිපත් කරන්නේ Ethnic Communities Council of Victoria ආයතනයයි. Speak My language වැඩසටහනට මුල්‍යදායකත්වය Department of Social Services. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියාව පුරා බෙදා හරින්නේ Ethnic and Multicultural Communities’ Councils සහ Multicultural Councils දායකත්වයෙනි. අපගේ ජාතික විකාශන සහකරුවෝ SBS සහ NEMBC.

චරිත දිසානායක ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුයේ 2003 දීයි. ඔහු රේඩියෝ සන්නිවේදකයෙකු ලෙස දේශීය ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉක්මනින් සම්බන්ධ විය. මාධ්‍ය ක්ෂේත්‍රයේ, විශේෂයෙන් රේඩියෝ වැඩසටහන් පිළිබඳ පසුබිමක්... Go to page where you can read more about Charitha Dissanayake